ඉන්දුනීසියාවේ ටනිම්බාර් දූපත් කලාපයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටනිම්බාර් දූපත් කලාපයේ භූ කම්පනයක්..

by Staff writer 14-07-2025 | 3:18 PM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ ටනිම්බාර් දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.7 ක්.

භූ කම්පනය සිදුව ඇත්තේ පොළොව මතුපිට  සිට කිලෝමීටර් 98 ක් පෘතුවි අභ්‍යන්තරයට වන්නට බව වාර්තා වේ.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.