ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ්...

ඇප අයැදුම් ප්‍රතික්ෂේපයි, ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ්...

by Staff writer 14-07-2025 | 7:37 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

ඒ සැකකරුවන් අද (14) මහර මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත සලකා බැලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දුන්නේ ය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් පසුගියදා අත්අඩංගුවට ගැණුනා.

ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණය හමුවේ කරුණු ගොනුකරන්නැයි මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ ය.