රාජිතගෙන් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

by Staff writer 14-07-2025 | 1:44 PM

COLOMBO (News 1st) - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානම් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනු කර තිබේ.

මෙම ඇප අයදුම්පත ගොනු කර තිබෙන්නේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි පවසමින් ය.

ඇප ඇයැදුම් පත සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඇප ඇයැදුම සම්බන්ධව අධිකරණය හමුවේ කරුණු පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කළේ ය.

නඩුව ජූලි 18 යළි කැඳවීමට නියමිතයි.