ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද දඹුල්ලේදී

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද දඹුල්ලේදී...

by Staff writer 13-07-2025 | 8:01 AM

COLOMBO (News 1st) - සත්කාරක ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ කිරීමට නියමිතයි.