.webp)
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල බාගත කළ හැකි බවයි.
විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල ලේඛන බාගත කිරීම සඳහා ඔවුන් වෙත ලබා දී ඇති මුරපද හා පරිශීලක නාම භාවිත කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතයි.
පසුගිය වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්විය.
ඒ සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 74147 කි.
ඒ අතර පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 98182ක් සිටි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.