.webp)
අද දින නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම වී තිබුණද විනිසුරුවරයා නොමැති වීම හේතුවෙන් නඩු විභාගය කල් තැබුණි.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙන අතර පසුගිය පසුගිය අප්‍රේල් 4 වැනිදා විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීමෙන් පසු ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.