පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල.

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල.

by Staff writer 11-07-2025 | 7:13 AM

COLOMBO (News 1st) - පානදුර මාලමුල්ල  ප්‍රදේශයේ වෙඩි තැබීමකින් නිවසක නිදා සිටි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ අද(11) අළුයම නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තැබීම කර ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ 32 හැවිරිදි මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ පිස්තෝලයකින්.

සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැකපල කරයි.

තුවල ලැබූ පුද්ගලයා මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.