කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තාවක්..

කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි..

by Staff writer 11-07-2025 | 5:44 PM

COLOMBO (News1st) - කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 18,500 සීමාව ඉක්මවා ගියේ ය.

අද ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 379.77 කින් ඉහළ යාමත් සමග ඒකක ගණන දැක්වුණේ 18,541.26 ක් ලෙසයි.

වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 2.09% කි.

අද පිරිවැටුම, රුපියල් බිලියන 10 ඉක්මවා තිබේ.