රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ..

by Staff writer 10-07-2025 | 7:55 AM

COLOMBO (News1st) - ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් මහ පෙරහැර අද රාත්‍රීයේ වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සිරස Tv සහ සිරස 
FM ය.

එම පෙරහැර අද(10) රාත්‍රී 10.30 සිට සිරස ටීවී ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

දේවාභරණ වැඩම කරවීම  වාසනා හස්තිරාජයා විසින් සිදු කිරිමට නියමිතයි.

මේ අතර සිරසා නමාමි, පෝදා වැඩසටහන් අද දවස පුරා, කිරිවෙහෙර පුද බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.