නව තීරු බදු නිවේදනය කරමින් ට්‍රම්ප්ගෙන් ලිපි..

නව තීරු බදු ප්‍රතිශත නිවේදනය කරමින් ට්‍රම්ප්ගෙන් රටවල් 6කට ලිපි..

by Staff writer 10-07-2025 | 12:58 AM

COLOMBO (News 1st) - නව තීරු බදු ප්‍රතිශත නිවේදනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් 06 කට ලිපි යොමු කර තිබේ.

පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා, ඇල්ජීරියාව, ලිබියාව සහ ඉරාකය යන රටවල් 6 සඳහා මෙලෙස ලිපි නිකුත් කර තිබේ.

ඒ අනුව පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා රටවල් සඳහා අමෙරිකාව අය කරන තීරු බදු ප්‍රතිශතය 25%ක්.

ඇල්ජීරියාව, ලිබියාව සහ ඉරාකය සඳහා 30% ක තීරු බදු ප්‍රතිශතයක් නිවේදනය කර තිබේ.

ඒ අනුව, නව අන්‍යෝන්‍ය ගැලපුම් තීරු බදු පැනවීම සම්බන්ධයෙන් අමෙරිකාව මේ වන විට ලිපි යවා ඇති රටවල් සංඛ්‍යාව 20 ක්.