ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 30%ක් ලෙස තීරු බදු නියම කරයි

ශ්‍රී ලංකාව සඳහා 30% ක් ලෙස තීරු බදු නියම කර ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරයි.

by Staff writer 09-07-2025 | 11:41 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සඳහා 30% ක් ලෙස තීරු බදු නියම කර ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

තවද ශ්‍රී ලංකාව තම තීරු බදු වැඩි කළහොත් එම ප්‍රතිශතය දැනට පවතින 30% බද්දට එකතු කරන බව අදාළ නිවේදනයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම නව තීරු බදු ප්‍රතිශතය අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව සඳහා මින් පෙර ජනපති ට්‍රම්ප් පැනවූ තීරු බදු ප්‍රතිශතය 44% කි.