.webp)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කිසිදු බන්ධනාගාර පරිශ්රයකට ඇතුලුවිය නොහැකි බවට තහනම් නියෝගයක් කළ මහේස්ත්රාත්වරිය ඔහු මුදා හැරියේ රුපියල් විසි පන්දහසක මුදල් ඇපයක් හා මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ ප්රධාන මහේස්ත්රාත්වරිය විදේශ ගමන් බලපත්රයද අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පැවසුවේ දිවයින පුරා ඇති බන්ධනාගාර 28 න් අවස්ථා තුනකදී ජනාධිපති පොදු සමාව මුවාවෙන් නීති විරෝධී ලෙස සිරකරුවන් 212ක් මුදා හැර ඇති බවයි.
පසුගිය වෙසක් පොහොය දින අනුරාධපුර බන්ධනාගාරයෙන් අනීතික ලෙස සිරකරුවන් නව දෙනෙකු මුදාහැර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ ය.
විමර්ශන නිලධාරීන් පැවසුවේ මෙම ප්රශ්නගත සිදුවීමෙන් පසු සැකකරු විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව බන්ධනාගාර මූලස්ථානයට කැඳවා ඇති බවයි.
ඒ අවස්ථාවේදී සැකකරු හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා මෙම ප්රශ්නගත සිද්ධිය පිලිබඳ සාකච්ඡා කර ඇති බව පැවසූ විමර්ශන නිලධාරීන් කියා සිටියේ ඒ සම්බන්ධව CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවයි.
නඩුව නොවැම්බර් 20 යළි කැඳවීමට නියමිතව තිබේ.