තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර

තවත් ලක්ෂ දෙකක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර - ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය

by Staff writer 09-07-2025 | 9:25 AM

COLOMBO (News1st) - තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සමාජ සේවා නිලධාරීන් මාර්ගයෙන් සිය අයදුම්පත් යොමු කළ යුතු බවයි.