.webp)
ඒ ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති පසුගිය සඳුදා හමුවී ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි.
ට්‍රම්ප්,එහිදී ඊශ්‍රායල අගමැතිට පවසා තිබුණේ ගාසා තීරයේ මිලියන 2.3ක ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ගත් ප්‍රයත්නයේ ප්‍රගතියක් ඇති බවයි.
ගාසා තීරය අවට රටවල් ද,එම ජනතාවට සිය රටවල්වලට පැමිණීමට අවසර දෙමින් තමාට විශාල සහයෝගයක් දී ඇති බවද ඔහු පවසයි.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ගාසා තීර වැසියන්ට එහි රැඳී සිටීමට අවශ්‍ය නම්, රැඳී සිටිය හැකි බව සහ පිටව යාමට අවශ්‍ය නම් පිටව හැකි බවයි.
මේ තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති සහ ඊශ්‍රායල අගමැති ඊයේ(08) දෙවන වරටත් හමුවී තිබේ.
එම හමුවෙන් පසුව ඊශ්‍රායල අගමැතිවරයා පැවසා තිබුණේ ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා සිය රට කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ නමුත් ගාසා තීරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර,හමාස් සංවිධානය විනාශ කළ යුතු බවද ඔහු පවසයි.
මේ අතර මැද පෙරදිග කලාපයේ අමෙරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් ඊයේ(08) පැවසුවේ මෙම සතිය අවසානයේ, ඊශ්‍රායල සහ ගාසා තීරය,දින 60ක සටන් විරාමයකට ගෙන එන ගිවිසුමක් ඇතිවනු බවයි.
එම ගිවිසුම මගින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තවත් මළ සිරුරු 9ක් නිදහස් වෙනු ඇති බවද ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසයි.