.webp)
ඒ, දෙරට අතර තරගාවලියේ තුන් වැනි තරගය ලකුණු 99කින් ජය ගනිමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 100කදී බිඳ වැටිණි.
කුසල් මෙන්ඩිස් සමග එක් වූ නායක චරිත් අසලංක අතර ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 124ක්.
චරිත් අසලංක 4 පහර 9ක්ද සමගින් ලකුණු 58ක් රැස් කළේ ය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් අද රැස් කළේ 6 වැනි එක් දින ශතකයයි.
4 පහර 18ක්ද සමගින් ඔහු ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 285ක්.
ලකුණු 286ක ඉලක්කයකින් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 20කදී බිඳ වැටිණි.
ආරම්භක පිතිකරු පර්වීස් හුසේන් එමොන් ලකුණු 28යි.
නායක මෙහෙදි හසන් මිරාස් ලකුණු 28ක් රැස් කළේ ය.
ටව්හිඩ් හ්රිඩෝයි ලකුණු 51ක් රැස් කළේ 4 පහර 3ක් සහ 6 පහරක්ද සමගින්.
බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 186කට දැවී ගියේ ය.
දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තේ ය.