.webp)
ඊට එම ප්‍රාන්තයේ කර්විල් ප්‍රදේශයේ මියගිය 84 දෙනෙකුද ඇතුළත් වේ.
ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ,ගැහැණු ළමුන් නවාතැන් ගෙන සිටි කඳවුරක සිටි 27 දෙනෙකුද මියගොස් ඇති බවයි.
මේ අතර එම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙක්සස් හි ගංවතුරෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ නැරඹීමට යනු ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කළේ ය.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ මෙය විශාල කම්පනයක් ඇතිකල තත්ත්වයක් බවයි.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුද ජනාධිපති ට්‍රම්ප්ට ලිපියක් යවමින් එම ව්‍යසනකාරී ගංවතුර සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.