''ආමි උපුල්' ඝාතනය සම්බන්ධයෙන් 10 කුගෙන් ප්‍රකාශ

'ආමි උපුල්' වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දස දෙනෙකුගෙන් ප්‍රකාශ

by Staff writer 06-07-2025 | 1:03 PM

COLOMBO (News1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ආමි උපුල්' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ දුරකතන දත්ත උපයෝගී කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 8 කි.

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී වෙඩි තබා 'ආමි උපුල්'  ඝාතනය කළේ, පසුගිය 03 වැනිදා රාත්‍රියේදී.

'බටුවත්තේ චාමර' නමැති සංවිධානාත්මක අපරාධකරු විසින්, වෙඩි තැබීම කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.

'ආමි උපුල්' 'ගනේමුල්ලේ සංජීව' නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ද, සමීපතමයකි.