ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

by Staff writer 05-07-2025 | 10:01 AM

COLOMBO (News 1st) -සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙයි.

ඒ , කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

තරග තුනකින් සමන්විත දෙරට අතර මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.

දෙරට අතර පැවැති අවසන් එක්දින තරග හතරම ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මිලාන් රත්නායක වෙනුවට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන බවයි.

අද තරගය දහවල් 2.30ට ආරම්භ වෙයි.