ශ්‍රී ලංකා - UAE රග්බි තරගය අද..

ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගය අද..

by Staff writer 04-07-2025 | 11:54 AM

COLOMBO (News 1st) - ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන්නේ, දකුණු කොරියාව , හොංකොං , එක්සත් ආරාබි එමීර් සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් ය.

අද තරගය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අත්දැකීම් බහුල මෙන්ම දක්ෂතාවලින් පිරි නවක ක්‍රීඩකයින්ද එම සංචිතයට ඇතුළත් ය.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ තරින්ද රත්වත්තේ ය.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගන්නා කණ්ඩායමට ආසියානු කලාපයෙන් 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට පිවිසීමේ අවස්ථාව හිමි වෙයි.

ආසියානු කලාපයෙන් රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සිරස TV සහ YFM

මෙම තරගය අද පස්වරු 3.30 සිට සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට  සියලු කටයුතු සූදානම් කර තිබේ.