.webp)
ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට බලපත්‍ර ගැනීමට පැමිණී ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිටයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩිලාන් නුවන් කුමාර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ සහකාර කළමණාකාරුවෙකු වන ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරු සමන්ත පෙරේරා යන අය එලෙස ඇප මත මුදා හැරියේ ය.
ඒ අනුව සැකකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියන 2 බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදා හැරිණි.
සැකකරුවන්ට ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට ඇතුල් නොවන ලෙසට ද නියෝග කළේ ය.
අද නඩුව කැඳ වූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් විමර්ශන පිළිබඳ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධව තවමත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවයි.
එමෙන්ම ඔවුන් අධිකරණයට දන්වා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ CCTV දත්ත පද්ධතිය තුළ අප්‍රේල් 9 වැනිදා සිට මැයි 29 වැනිදා දක්වා කාලය තුළ පටිගතව තිබූ දර්ශන යම් පාර්ශවයක් විසින් මකා දමා ඇති බවයි.
ඒ පිළිබඳව මේ වනවිටත් මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ඇතිව විමර්ශන සිදු කරන බවද, ඔවුන් පැවසුවේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පීරිස් මහතා, අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නිතීඥ මඩුල්ල සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළේ ය.
ඔවුන් ඉල්ලා සිටියේ, සිය සේවාදායකයින් දින 42ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසයි.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.
අල්ලස් කොමිසමට ලද රහසිගත බුද්ධි තොරතුරක් මත පසුගිය මැයි 23 වැනිදා පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ කළ හදිසි වැටලීමකදී සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනො අත්අඩංගුවට ගැණුනි.