කහවත්තේ පත්තු වූ වෙඩිල්ලෙන් පුද්ගලයෙකු මරුට

කහවත්තේ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙක් මරුට: තවත් අයෙකුට තුවාලයි

by Staff writer 01-07-2025 | 9:15 AM

COLOMBO (News1st) - කහවත්ත, ඇන්දාන පාරේ, කොස්කෑල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.

තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා නාඳුනන පිරිසක් පැමිණ ඇති බවයි.