මාස 2ක් තුළ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය පොලීසිය

මාස දෙකක් තුළ බහුදින ධීවර යාත්‍රා මගින් රැගෙන ආ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට...

by Staff writer 30-06-2025 | 8:08 AM

COLOMBO (News1st) - බහුදින ධීවර යාත්‍රා මගින් නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් බිලියන 23කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් මාස දෙකක් තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ අප්‍රේල් මස 05 වැනිදා සිට මැයි 28 දක්වා කාලය තුළ එලෙස රැගෙන ආ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්  1,758ක් සිය භාරයට ගෙන ඇති බවයි.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,216ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය 542ක් ඒ අතර වේ.

එම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 25කි.

අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් වේ.

පොලීසිය පැවසුවේ අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් පමණ වන බවයි.

එම මත්ද්‍රව්‍ය හා සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.