.webp)
පොලිස් මූලස්ථානය පැවසුවේ, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල මහත්මිය, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධක්ෂ ලෙස ස්ථාන මාරුකර ඇති බවයි.
පොලිස් අධිකාරි කේ.සී. ආරියවංශ මහතා ගම්පොල කොට්ඨාශයේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ලෙස ස්ථාන මාරු ලබා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. ගුණරත්න මහතා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාශයේ අධ්යක්ෂ තනතුරේ සිට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ ලෙස සහ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාශයේ අධ්යක්ෂ තනතුරේ රාජකාරි ආවරණ කිරීම සඳහා පත්කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් මුලස්ථානය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ඒ.ඊ. ප්‍රසන්න මහතා ගල්කිස්ස කොට්ඨාශ භාර නිලධාරී තනතුරේ සිට කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ. ගුණසේකර මහතා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ තනතුරේ සිට ගල්කිස්ස කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරුකර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඩී. ගුණසේකර මහතා බදුල්ල කොට්ඨාශයේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාශය වෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.බී.ක්‍රිෂාන්ත මහතා කැබිතිගොල්ලෑව කොට්ඨාශය භාර නිලධාරී තනතුරේ සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙතත් ස්ථාන මාරුකර තිබේ.