.webp)
අදත් එවැනි ප්‍රජා සත්කාරයකට මුල පුරන්න සියලු කටයුතු සූදානම්.
ඒ, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බේකි මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගාල්ල, ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ, වැලිවිටිය දිවිතුර අධ්‍යපන කොට්ඨාසයට අයත් අම්පේගම ප්‍රාථමික විද්‍යාලය දරුවන් 600ක් පමණ අධ්‍යාපනය ලබන පාසලක්.
විභාග කුසලතා මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ද එක ලෙස දක්ෂතා පෙන්වන එම පාසලේ දරුවන්ට පුස්තකාලයක් නොමැතිකම ලොකු අඩුවක්.
පාසලෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ගම්මැද්ද ඔවුන්ට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබාදීම සඳහා වැඩ අරඹන්න අද(29) සූදානම්.
ඒ, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බේකි මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගම්මැද්ද පොදු අරමුදලේ දායකත්වයෙන් ගොඩනැගෙන මේ පුස්තකාලය 'තාබෝ ම්බෙකි පුස්තකාලය' ලෙස නම් කිරීමට නියමිතයි.