ශානි යළිත් CID අධ්‍යක්ෂ ධුරයට..

ශානි යළිත් CID අධ්‍යක්ෂ ධුරයට..

by Staff writer 28-06-2025 | 7:06 PM

COLOMBO (News1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීමට වැඩබලන පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ඉල්ලීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අප වෙත සඳහන් කළේ, ඊට අදාල ලිපිය අද පොලිස් මූලස්ථානයට යොමු කළ බවයි.

පොලිස් මධ්‍යම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර මහතා මෙතෙක් කටයුතු කළේ ය.