වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි.

වසර 5ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් තිබේ - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

by Staff writer 28-06-2025 | 7:24 AM

COLOMBO (News1st) - වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවයි.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.