ගාසා තීරයේ සටන් විරාමය ලබන සතියේ-ජනපති ට්‍රම්ප්

ගාසා තීරයේ සටන් විරාමය ලබන සතියේ ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

by Staff writer 28-06-2025 | 9:37 AM

COLOMBO(News1st) - ගාසා තීරයේ සටන් විරාමය, ලබන සතිය තුළ ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ.  ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදීයි.

ඊශ්‍රායලය සහ හමාස් නිලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් ජනපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 71 දෙනෙකු මිය ගියේය.