අද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි...

අද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 28-06-2025 | 8:26 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩී තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රීක්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාපර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.