ගල්කුලමේ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට5ක් අත්අඩංගුවට

අනුරාධපුර ගල්කුලමේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට.

by Staff writer 28-06-2025 | 8:51 AM

COLOMBO(News1st) - අනුරාධපුර ගල්කුලම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සිදුකෙරෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගත් අදාල සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් ඇති බවයි.

පෙරේදා(26) රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමෙන් 28 හැවිරිදි මිහින්තලේ සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තුවාල ලැබීය.