ලකුණු 150 ලබා ගන්න පැතුම් තවත් ලකුණු 4ක් පිටුපසින්

ලකුණු 150 ලබා ගන්න පැතුම් තවත් ලකුණු 4ක් පිටුපසින්

by Staff writer 27-06-2025 | 9:05 AM

COLOMBO (News1st) - සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 8ක් අතැතිව ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 43කි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කළේ ය.

ඊයේ දිනය අවසන්  වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස් කරගෙන සිටියේ ය.  

පැතුම් නිස්සංක නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ ලකුණු 146ක්ද සමගින් ය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් රැස් කළේ ය.