රාජ්‍ය සේවයකට තිස් දහසක් බඳවා ගැනීම ඇරඹෙයි

වසර 7 කට පසු රාජ්‍ය සේවයකට තිස් දහසක් බඳවා ගැනීම ඇරඹේයි - රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

by Staff writer 25-06-2025 | 9:58 AM

COLOMBO (News1st) - රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි.

මීට අමතරව කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති.

සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයක්.