.webp)
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, ඒකකයක් සඳහා රුපියල් 45 යි සත 80 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි.
බැටරිය සහිත නව සබඳතා සදහා පමණක් එම ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බව ඔහු සදහන් කළේ ය.
වහළ මත සවි කර ඇති සුර්ය කෝෂ සදහා ඒකකයක් වෙනුවෙන් මීට පෙර කළ ගෙවීම රුපියල් 27 කි.
නව තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිත බවද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ය.