දුන්හිඳ බස් අනතුර ගැන විශේෂ විමර්ශනයක්

බදුල්ල දුන්හිඳ බස් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

by Staff writer 22-06-2025 | 7:10 AM

COLOMBO (News 1st) - බදුල්ල දුන්හිඳ බස් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ, බදුල්ල රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඊයේ (21) පස්වරුවේ දුන්හිඳ ප්‍රදේශයේදී අදාළ බස් රථය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගියේ ය.

තුවාල ලැබූ සංඛ්‍යාව, 31 ක්.

සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු, හෙට (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරින් මියගියේ, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකි.

තඹුත්තේගම සිට බණ්ඩාරවෙල බලා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්විය.

පොලිසිය සඳහන් කළේ, රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවයි.