අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලස් ගත් අම්පාරේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 22-06-2025 | 8:18 AM

COLOMBO (News 1st) - අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මතයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකි.

සැකකරුවන්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.