.webp)
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, මේ වසරේ සිට 2028 වසර දක්වා ශිෂ්‍යත්ව විභාගයේ සිදුකළ යුතු කඩිනම් වෙනස්වීම් සිදුකිරීම සඳහා ද, පියවර ගන්නා බවයි.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, ගණිතය සහ භාෂාව යන කුසලතාවයන් මැන බැලෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අනවශ්‍ය තරගාකාරීත්වය හේතුවෙන් ළමුන්, දැඩි පීඩාවට පත්වන බවයි.