.webp)
ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය රැස් කළ ලකුණු 495ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 485ක්.
අද දිනයෙදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
බංග්ලාදේශය දෙවැනි ඉනිම අත්හිටුවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 285ක් රැස් කරගෙන සිටියදීයි.
නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ දෙවැනි ඉනිමේදීද ශතකයක් රැස් කිරීමට සමත් විය.
ඔහු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 125ක්.
ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලකුණු 296ක ඉලක්කයක් හිමි විය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ ලහිරු උදාර.
ලකුණු 9කට ලහිරු උදාර පිටියෙන් ඉවත් විය.
පැතුම් නිස්සංකට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි.
කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 12 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
තරගය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 72ක්.
මෙම තරගයෙන් අනතුරුව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වසර 16ක ටෙස්ට් තරග බිමට අද සමු දුන්නේ ය.
2009 වසරේ ජූලි මාසයේදී පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ඔහු, සහභාගී වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 118ක්.
ඔහු ටෙස්ට් ලකුණු 8167 ක් රැස් කළ අතර ඊට ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත්.
මැතිව්ස් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
''ස්තූතිවන්ත වෙනවා මට ඒ හම්බ වෙච්ච ආදරයට සියලුම ෆෑන්ස්ලට සහ සියලුම කෝචස්ලට. මිතුරන්, මගේ දෙමව්පියන්, මගේ ෆැමිලි එක, මගේ පාසල, ඒ වගේම ඒ ක්ලබ් එක ඒ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. සමාවෙන්න ඕනේ මං කාවවත් මෙන්ෂන් කරේ නැති වුණාට නම්වලින්. නමුත් මට ඒ හම්බ වෙච්ච සහයෝගයට බොහොමත්ම ස්තූතියි''
ප්‍රබල ක්‍රීඩකයින් තරග බිමෙන් සමු ගනිද්දී උදා වූ අසීරුම කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ බැබලවීමට, තම දහදිය මහන්සිය කැප කළ ඇන්ජි, ඔබගේ සේවය අති විශිෂ්ටයි.
ඇන්ජි, වසර 16ක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔබ කළ සේවයට ඔබට ස්තූතියි.