ශ්‍රීලංකා බංග්ලාදේශ පළමුටෙස්ට් තරගයේ අවසන් දිනය අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි..

by Staff writer 21-06-2025 | 9:17 AM

COLOMBO (News 1st)-ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි.

නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණූ 56ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණූ 22ක් රැස් කර ගනිමින්, නොදැවී කඩුල්ලේ රැදී සිටී.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 495ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 485කි.