බදුල්ල, දුන්හිඳ දී මාරක බස් රථ අනතුරක්

බදුල්ල, දුන්හිඳ දී මාරක බස් රථ අනතුරක්

by Staff writer 21-06-2025 | 7:52 PM

COLOMBO (News 1st) - බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.

බදුල්ල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තවත් 31 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්.

තඹුත්තේගම සිට බණ්ඩාරවෙල බලා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්, අද පස්වරුවේ එලෙස අනතුරට ලක්විය.