.webp)
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් පැවසුවේ, පවතින යුධමය තත්ත්වය නවතින තුරු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමරිකාව සමග රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අනවශ්‍ය බවයි.
අමාත්‍යවරයා ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමට ඊයේ සහභාගී විය.
ඉන් අනතුරුව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු සමග සිදුකළ සාකච්ඡා අතරතුර, ඔවුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඒ ඊශ්‍රායල - ඉරාන ප්‍රහාරවලට සම්බන්ධ විය යුතුද යන්න සති දෙකක් ඇතුළත තීරණය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති පසුබිමක් තුළයි.
-ඊශ්‍රායලය එලල් කරන ප්‍රහාරවල තත්ත්වය-
මේ අතර, ඊශ්‍රායලය පවසන්නේ, ඉරානයේ ආරක්ෂක නවෝත්පාදන හා පර්යේෂණ සංවිධානය, මිසයිල නිෂ්පාදන ස්ථාන සහ බටහිර සහ මධ්‍යම ඉරානයේ හමුදා පහසුකම් ඇතුළුව ඉරානයේ හමුදා ඉලක්ක රැසකට එක රැයක් තුළ පහර දුන් බවයි.
ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) කඳවුරක අණදෙන නිලධාරියෙකු ඇතුළුව ඉරාන සොල්දාදුවන් කිහිපදෙනෙකු මියගිය බවද ඊශ්‍රායලය පවසයි.
-ඉරානය එල්ල කරන ප්‍රහාරවල තත්ත්වය-
එවැනි පසුබිමක ඉරානය පවසන්නේ, ඊශ්‍රායලයේ නෙවාටිම් සහ හැට්සෙරිම් කඳවුරු ඇතුළු ඊශ්‍රායල හමුදා පහසුකම් වෙත තම 17 වන මිසයිල මාලාව එල්ල කළ බවයි.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ඉරාන වැසියන් විරෝධතාවල නිරත වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය..