.webp)
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ දත්ත වලදි මේ බව අනාවරණය වූ බවයි.
මෙය සැළකිල්ලට ගනිමින් මෙවර අයවැයෙන් ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා රුපියල් 5000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය.
ඒ , එම දරුවෙකුගේ අහිවෘද්ධිය වෙනුවෙන් ඉතිරි කිරීම සඳහා රු 2,000ක් සහ අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ආයතන කළමනාකාරීත්වයට රු. 3000ක් ලෙසයි
අදාළ ක්‍රියාවලිය නියාමනය ඇතුලු සියළු කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.