කඳ සුරිඳුන් උදෙසා සිදු කරන, පාද යාත්‍රාව හෙට ඇරඹේ.

කඳ සුරිඳුන් උදෙසා සිදු කරන, පාද යාත්‍රාව හෙට ඇරඹේ... .

by Staff writer 19-06-2025 | 6:44 AM

COLOMBO (News1st) -කතරගම පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදු කරන පාද යාත්‍රාව හෙට ආරම්භ වේ.

යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන මෙම සංස්කෘතික පා ගමන අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදු කරන චාරිත්‍රයයක්.

මෙවර පාද යාත්‍රාවට 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර පාද යාත්‍රාවෙන්, කතරගම පුජා භූමියට පැමිණීමේදී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස උපදෙස් දී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ ය.

ඔහු කියා සිටියේ, පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවලදි , එකතු වන කැලි කසලවලින් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ බවයි.

පාද යාත්‍රාව , පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙසත්, පරිසර පද්ධතියට සහ වනෝද්‍යානවල වෙසෙන වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙසත් අමාත්‍යවරයා බැතිමතුන්ට දැනුම් දෙයි.

යාපනයේ සිට වට්ටප්පලෙයි, ත්‍රීකුණාමලය, වේරුගල්, සිත්තන්ඩි, මඩකලපුව, මන්ඩාර්, තිරුක්කෝවිල් සහ ඔකඳ යන ප්‍රදේශ පසුකරමින් කතරගමට පැමිණීමට බැතිමතුන්ට  දින 35ක් පමණ ගත වේ.