.webp)
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් දිවයිනට පැමිණෙන්නේ 2015 වසරෙන් පසුවයි.
පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවාහිදී හමුවී සිදුකළ ආරාධනයකට අනුව කොමසාරිස්වරයා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
එම නිල සංචාරයේදී වෝල්කර් ටර්ක් මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් හමුවීමට නියමිතව තිබේ.
නිල සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා මහනුවර, යාපනය, ත්‍රිකුණාමලය, ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මෙරට සංචාරය අතරතුර, මානව හිමිකම් පිළිබඳ විශේෂ සැසිවාර කිහිපයකට සහභාගි වීමටද නියමිතයි.