.webp)
COLOMBO (News 1st) –
ඉරානයේ ටෙහෙරාන් නුවර සිටින සියලුදෙනා වහාම ඉන් ඉවත් විය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.ඔහු ඒ බව සඳහන් කළේ, සමාජ මාධ්‍යයක සටහනක් තබමින් ය.
ඊශ්‍රායලය, ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබෙන පසුබිමක ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා තිබේ.
විදෙස් මාධ්‍ය වලට අනුව ටෙහෙරානයේ සිටින පදිංචිකරුවන් සංඛ්‍යාව මිලියන 10 කි.
මේ අතර, ඉරානය සමග න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා කැමැත්ත පල කර තිබේ.
මේ අතර, ටෙහෙරානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර ඉරාන සේවකයින් තිදෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කළේ ය.
ටෙහෙරානයේ විශ්වවිද්‍යාලයකට ද අද අළුයම ඊශ්‍රායලය අද අලුයම ප්‍රහාර එල්ල කළේ ය.
මේ අතර ඊශ්‍රායලය වෙතද නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීම ඉරානය මේ වනවිට ආරම්භ කර තිබේ.
දෙරට අතර යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ඉරානයේ 224 දෙනෙකු සහ ඊශ්‍රායලයේ 24 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.