දිල්ලිය බලා පිටත්වූ ඉන්දීය ගුවන් යානයක දෝෂයක්

දිල්ලිය බලා පිටත්වූ Air India ගුවන් යානයක දෝෂයක්: යානය යළි හරවා හොංකොං නුවරට...

by Staff writer 16-06-2025 | 5:27 PM

COLOMBO (News 1st) - හොංකොං සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ගමන් කරමින් තිබූ ඉන්දීය ගුවන් යානයක් නැවත, හොංකොං බලා හරවා යවා තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, Air India ගුවන් සේවයට අයත් බෝයින් 787 - 8 ඩ්‍ර්ම්ලයිනර් ගුවන් යානයක් මෙලෙස හරවා යවා ඇති බවයි.

යානයේ ඇතිවූ සැක සහිත කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසුව යළි  හොංකොං බලාහරවා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.