කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය ඇරඹෙයි..

කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය ඇරඹෙයි.. පුරපති තෝරාපත් ගැනීමට රහස් ඡන්දයක්..

by Staff writer 16-06-2025 | 10:45 AM

COLOMBO (News 1st) –කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය ආරම්භ විය.

ඒ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ය.

කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් සහ සමගි ජනබලවේගයෙන් රීසා සරුක්ගේ නම් යෝජනා කර තිබේ.

නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය.

කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීමට නම්, සභික ධුර 117 න්, 59 ක් හිමිකර ගත යුතුයි.