මැදගමදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කෙරේ...

මැදගමදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කෙරේ...

by Staff writer 15-06-2025 | 3:18 PM

COLOMBO (News 1st) - මැදගම බලගස්ආර මාර්ගයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෙඩි තැබීම කර ඇත්තේ, ඇගේ ස්වාමි පුරුෂයායි.

වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක් මාර්ගයේ වැටී සිටින බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්, ඇයව රෝහල්ගත කර ඇත.

ඒ වන විටත් කාන්තාව මියගොස් ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව, පොලීසිය පැවසුවේය.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබා එලෙස ඝාතනය කර ඇති කාන්තාවගේ වයස, අවුරුදු 38 ක්.

පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.