.webp)
ඒ ප්‍රබල ඔස්ට්‍රේලියා 2025 අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයේ පරාජයට පත් කරමිනි.
ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය දකුණූ අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 138කි.
දෙවැනි ඉනිමට ඔස්ට්‍රේලියාව ලකුණු 207ක් රැස් කළේය.
දකුණු අප්‍රිකාව අවස්ථා රැසකදී අවසන් මහා තරග වලට පිවිසියත් ක්‍රිකට් ලෝක ශූරතාවයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වේ.
නිල දේශීය විකාශන අයිතිය හිමි එම්.ටී.වී මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම තරගය සජීව ලෙස විකාශය කෙරිණි.