මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය පනී

වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවයි.

by Staff writer 13-06-2025 | 9:05 AM

COLOMBO (News1st) - මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව 12,362 කි.

මේ අතර පසුගිය වසරේ මෙරටට සංචාරකයින් 20 ලක්ෂ 53,465 දෙනෙකු පැමිණ තිබේ.