.webp)
බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කොළඹ මහ නගර සභාව ලබන සදුදා රැස්වීමට නියමිතයි.
පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු දේශපාලන පක්ෂයකට කොළඹ මහ නගර සභාවේ බහුතර බලය දිනා ගැනීමට නොහැකි විය.
සමගි ජන බලවේගය පැවසුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.
නමුත් මේ දක්වා නගාරාධිපති කවුරුන්දැයි ඔවුන් ප්‍රකාශ කර නොමැත.
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඊයේ මේ පිළිබඳව පක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා කළේ ය.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඊයේ රාත්‍රීයේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡාවල නිරත විය.