ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය අද දෙවැනි දිනටත්

2025 ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය අද දෙවැනි දිනටත්

by Staff writer 12-06-2025 | 8:28 AM

COLOMBO (News 1st) - 2025 ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය අද(12) දෙවැනි දිනටත් පැවැත්වේ.

ඒ , ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතරයි.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 212ක් පමණයි.

ස්ටීවන් ස්මිත් ලකුණු 66යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෝ වෙබ්ස්ටර් ලකුණු 72ක් රැස් කළේ ය.

කගීසෝ රබාඩා ලකුණු 51ට කඩුලු 5ක් දවා ගනු ලැබී ය.

ඊයේ දිනට තරගය නතර කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 43කි.

තරගයේ නිල දේශීය විකාශන අයිතිය හිමි MTV මාධ්‍ය ජාලයේ TV1නාලිකාව ඔස්සේ මෙම තරගය සජීව ලෙස නැරඹිය හැකියි.